මිත්‍යා දෘෂ්ඨිය යනු ඉතා බලවත් ලෙස භාවිතා වන ආයුධයකි. අද දින මිත්‍යා දෘෂ්ඨීන් හරය කොටගෙන බුදු දහම හෙලා දකින බොහෝ පුද්ගලයින් ධර්මයට එරෙහි වාදයන්ගෙන් ජය ගන්නේ මිත්‍යා දෘෂ්ඨිය ඉතා බලවත් ආයුධයක් වන බැවිනි. සත්‍යය නොහොත් සම්මා දෘෂ්ඨිය යනු මිත්‍යා දෘෂ්ඨිය නම් බලවත් ආයුධය පරදවාලිය හැකි එකම ආයුධයයි.
නමුත් මිත්‍යා දෘෂ්ඨිය යනු සත්වයා විසින් සංසාරය පුරාවට අනන්ත කාලයක් තිස්සේ මනා ලෙස පුහුණු කළ ආයුධයක් වන බැවින්, සත්‍යය දැන් පුහුණු වන පුද්ගලයන්ට පහරදී විනාශ කිරීම ඉතා අපහසු වී ඇත. අප කල යුත්තේ අප්‍රමාදීව සත්‍යය නම් ආයුධය පුරුදු පුහුණු වීමට පටන් ගැනීමයි. මෙය බොහෝ කලක් පුරුදු පුහුණු කල පුද්ගලයින් වරින් වර මතුවී මිත්‍යා දෘෂ්ඨිය විනාශ කර දමයි. මිනිසුන් විසින් ඔවුන් බුද්ධ යනුවෙන් ආමන්ත්‍රණය කරෙති.
Sunday, June 9, 2013
Saturday, March 9, 2013
සිංහල බෞද්ධයා රැකගැනීම
බුදුන් දේශිත ධර්මය වසර පන්දහසක් පවතින බවත්, ඉන් අනතුරුව එය නෑසී යන බවත් අටුවාවෙහි දැක්වෙයි. රේරුකානේ චන්දවිමල හිමියන් පවසන පරිදි, අටුවාව විශ්වාස කලයුතු ලියවිල්ලකි. ප්‍රායෝගිකව භාවිතා නොකරන කල ඕනෑම ප්‍රතිපදාවක්, ඉගැන්වීමක් නැසී යන බව ස්වභාවිකය. මෙකලද බුදුන් දෙසූ ධර්මය ප්‍රායෝගිකව භාවිතා කරන්නේත්, එහි ඵලය ලබන්නේත් සුලු පිරිසකි.
සිංහලය යනු ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ජාතියකි. එදා සිංහලුන් කළ දස්කම් බොහෝය. කිහිපයක් නම්, ස්වෝත්සාහයෙන් දිවි රැක ගැනීම, සතුරාටත් සම සිතින් සැළකීම, ප්‍රාණඝාතය හෙලා දැකීම, සුරාසොඬ නොවීම, වෛරී නොවීම, අකුසලයෙන් වැලකීම යනාදියයි. මෙකලද මේ ආදී පිළිවෙත් රකී නම් ඔවුන් සැබෑ සිංහලයන්ය.
ධර්මයත්, ජාතියත් යන දෙකම, බුදුන්ගේ දේශණාවට අනුව පංචස්කන්ධයට (පංචස්උපාදානස්කන්ධයට) අයත් දෑ ය. ධර්මයත්, ජාතියත් යනු ප්‍රඥප්තීහු වෙති. නාමරූප ප්‍රත්‍යයෙන් හටගත් දේ වෙති. වේදනා ප්‍රත්‍යයෙන් විදින දේ වෙති. සඤ්ඤා ප්‍රත්‍යයෙන් හඳුනගන්නා දේ වෙති. සංඛාර ප්‍රත්‍යයෙන් සංවේදනය කරන්නාවූ දේ වෙති. විඤ්ඤාන ප්‍රත්‍යයෙන් දැන මුලාවට පත්වන්නා වූ දේ වෙති. අනිත්‍ය දේ වෙති. නැසී යන සුලු දේ වෙති.
සිංහලයා සතු සහජ උත්සහාවන්ත බව මේ කරුණ අවබෝධ කරගැනීම පිණිස යොදාගත යුතුය. සිංහලයාට වෙනත් රැකිය යුතු දෙයක් නැත්තේය.
සිංහල බෞද්ධයා රැකිය යුත්තේ සිංහල බෞද්ධ කම රැකීමෙන් මිස, අන්‍ය ලබ්ධිකයින් නැසීමෙන් නොවේ.

Subscribe to:
Posts (Atom)