සිංහලය යනු ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ජාතියකි. එදා සිංහලුන් කළ දස්කම් බොහෝය. කිහිපයක් නම්, ස්වෝත්සාහයෙන් දිවි රැක ගැනීම, සතුරාටත් සම සිතින් සැළකීම, ප්‍රාණඝාතය හෙලා දැකීම, සුරාසොඬ නොවීම, වෛරී නොවීම, අකුසලයෙන් වැලකීම යනාදියයි. මෙකලද මේ ආදී පිළිවෙත් රකී නම් ඔවුන් සැබෑ සිංහලයන්ය.
ධර්මයත්, ජාතියත් යන දෙකම, බුදුන්ගේ දේශණාවට අනුව පංචස්කන්ධයට (පංචස්උපාදානස්කන්ධයට) අයත් දෑ ය. ධර්මයත්, ජාතියත් යනු ප්‍රඥප්තීහු වෙති. නාමරූප ප්‍රත්‍යයෙන් හටගත් දේ වෙති. වේදනා ප්‍රත්‍යයෙන් විදින දේ වෙති. සඤ්ඤා ප්‍රත්‍යයෙන් හඳුනගන්නා දේ වෙති. සංඛාර ප්‍රත්‍යයෙන් සංවේදනය කරන්නාවූ දේ වෙති. විඤ්ඤාන ප්‍රත්‍යයෙන් දැන මුලාවට පත්වන්නා වූ දේ වෙති. අනිත්‍ය දේ වෙති. නැසී යන සුලු දේ වෙති.
සිංහලයා සතු සහජ උත්සහාවන්ත බව මේ කරුණ අවබෝධ කරගැනීම පිණිස යොදාගත යුතුය. සිංහලයාට වෙනත් රැකිය යුතු දෙයක් නැත්තේය.
සිංහල බෞද්ධයා රැකිය යුත්තේ සිංහල බෞද්ධ කම රැකීමෙන් මිස, අන්‍ය ලබ්ධිකයින් නැසීමෙන් නොවේ.
No comments:
Post a Comment