මිත්‍යා දෘෂ්ඨිය යනු ඉතා බලවත් ලෙස භාවිතා වන ආයුධයකි. අද දින මිත්‍යා දෘෂ්ඨීන් හරය කොටගෙන බුදු දහම හෙලා දකින බොහෝ පුද්ගලයින් ධර්මයට එරෙහි වාදයන්ගෙන් ජය ගන්නේ මිත්‍යා දෘෂ්ඨිය ඉතා බලවත් ආයුධයක් වන බැවිනි. සත්‍යය නොහොත් සම්මා දෘෂ්ඨිය යනු මිත්‍යා දෘෂ්ඨිය නම් බලවත් ආයුධය පරදවාලිය හැකි එකම ආයුධයයි.
නමුත් මිත්‍යා දෘෂ්ඨිය යනු සත්වයා විසින් සංසාරය පුරාවට අනන්ත කාලයක් තිස්සේ මනා ලෙස පුහුණු කළ ආයුධයක් වන බැවින්, සත්‍යය දැන් පුහුණු වන පුද්ගලයන්ට පහරදී විනාශ කිරීම ඉතා අපහසු වී ඇත. අප කල යුත්තේ අප්‍රමාදීව සත්‍යය නම් ආයුධය පුරුදු පුහුණු වීමට පටන් ගැනීමයි. මෙය බොහෝ කලක් පුරුදු පුහුණු කල පුද්ගලයින් වරින් වර මතුවී මිත්‍යා දෘෂ්ඨිය විනාශ කර දමයි. මිනිසුන් විසින් ඔවුන් බුද්ධ යනුවෙන් ආමන්ත්‍රණය කරෙති.